Sunday, March 8, 2015

රුලන් පුඩිම් හදන හැටි

 රුලන් වලින් පුඩිම් හදන හැටි


රුලං පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය
සිනි කප්1
වතුර කප් ක1
පිටි කිරි 1/2
කරදමුන් 2
රුලන් කප් 1
කජු ටිකක් හෝ සුල්තාන් හෝ රට කජු ටිකක්

අවශ්‍ය ද්‍රව්‍ය

රුලන් වලින් පුඩිම් හදන හැටි
ඉස්ලාම රුලන් ටිකක් බැදලා ගන්න.
ඊට පස්සෙ සීනි සහ වතුර ලිප මත තාබා දිය කරන්න. එ්ත් එක්කම කිරි දමා කලවම් කරන්න. කරදමුන්ගු ද දමා හොඳට මිශ්‍ර කරන්න.

රුලන් පුඩිම් හදන හැටි

ඉන්පසු සිනි ටික මිශ්‍ර උනාට පසු රුලන්(සැමොලිනා) ටික දමා ගන්න .හොඳට මිශ්‍ර කරන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. 

රුලන් වලින් පුඩිම් හදන හැටි

ඉන්පසු අර කජුද /රට කජුද /sultan ද දාමා අනා ගන්න. එය හොඳට මිශ්‍ර කරන්න අතෙ ඇලෙන්නෙ නැතුව යන තරමට. ඉන්පසු තැටියකට දමා කැලි කපා ගන්න .ඉන්පසු ශීතකරණයක දමා ගන්න. 

semolina pudding at home recipe
 

Saturday, March 7, 2015

සාම්බාරු හදන හැටි

සාම්බාරු හදන හැටි


sambaru
සාම්බාරු

අපිට පුරුදු රසට ගෙදරදිම සාම්බාරු හදන්නේ මෙහෙමයි. ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය
කැරට්
බෝංචි
බටු
මුරුංගා
අල
වට්ටක්කා
තක්කාලි
පරිප්පු ටිකක්
ළුෑණු
කරපිංචා
රම්පේ
අමු මිරිස්
තුනපහ කුඩු
මිරිස් කුඩු
කහ කුඩු
ලුණු
කොත්තමල්ලි කොළ ටිකක්
( මේ ඔක්කොම ඕනෙ නැ. තියෙන තියෙන විදියට ගන්න )


තෙම්පරාදුව සදහා
සුදු ළුෑණු
ළුෑණු ටිකක්
අබ ටිකක්
කරපිංචා ටිකක්

සාම්බාරු හදන හැටි
ඉස්සෙල්ලාම කරන්න ඔනි එලවලු ටික සෝදලා කපා ගන්න එක.. පස්සෙ සෝදා ගත් පරිප්පු ටිකත්, තුනපහ ටිකත්, ලුණු, අමුමිරිස්,කරපිංචා රම්පේ දාලා වතුර එලවලු වැහෙන්නම දාලා හොදින් එලවලු ටික තම්බා ගන්න.

* කැමති නම් එලවළුත් එක්කම තක්කාලි ටික දමා තැම්නෙන්න තියන්න පුළුවන්. නැත්තම් තක්කාලි තෙම්පරාදු කරනකොට එකතු කර ගන්න.

පසුව තැම්බුනු එළවළු ටික තෙම්පරාදු කර ගන්න.
තෙම්පරාදුව සදහා තෙල් ටිකක් ලිප තබා මුලින් අබ ටික දමා පුපුරනකොට අනිත් සියල්ල දමා රන් වන් පාට වනතුරු බදගෙන එලවලු මිශ්‍රනයට එකතු කරන්න
පසුව අතින් කඩා ගත් කොත්තමල්ලි කොල ටිකක් එකතු කරගන්න.

සාම්බාරු හදන හැටි

** සාමාන්‍යයෙන් සාම්බාර් හොද්ද තියෙන්න ඔනි දියට. උකු ගතියක් තියෙන්න බෑ..එත් සමහරු ආසයි උකු වෙනව.
*වට්ටක්කා ,පරිප්පු යොදන නිසා හොද්දේ යන්තම් හරි උකු ගතියක් නැත්තේ නෑ. කැමති නම් තව උකු කර ගන්න පුලුවන්.
*හොද්ද උකු කර ගන්න නම් කැමති නම් පොල් කිරි දමා ගන්න.

නැත්තම් මෙහෙම කරන්න. එළවළු වැහෙනකන් වතුර දාලා තම්බ ගත්ත හොද්දේ කෑලි ටික පොඩ්ඩක් වෙනම භාජනයකට දමා හොද්දයි පරිප්පු ටිකයි බෙරෙන්ඩර් එකට දමා අඹරා ගන්න. පසුව එය එලවලු මිශ්‍රනයට දමා තෙම්පරාදු කර ගන්න.

සාම්බාරු හදන හැටි

Friday, March 6, 2015

තෝසෙ හදන හැටි

තෝසෙ හදන හැටි

තෝසෙ හදන හැටි


අවශ්‍ය ද්‍රව්‍ය
උදු ඇට කෝප්ප 1
උළු හාල් තේ හැඳි 1/2
හාල් කෝප්ප 1/2
පාන් පිටි කෝප්ප 2 හෝ ඊට අඩුව හෝ වැඩි
ලුණු රස අනුව
පොල් වතුර ටිකක්
කැමති නම් ඊස්ට් තේ හැඳි 1
සීනි ස්වල්පයක්


සාදන ක්‍රමය
මුලින්ම උදු වලට උළුහාල් ටික දමන්න. එය හා හාල් වෙන වෙනම භාජන වල දමා රැයක් පෙගෙන්න තියන්න. අඩුම ගානේ පැය 5ක් වත් පෙගෙන්න තියන්න. පසුව මුලින්ම උදු අඹරා ගන්න. පසුව හාල් ටික අඹරා ගන්න. උදුවලට අඹරා ගත් හාල් දමා කලවම් කරන්න. පසුව පාන් පිටි ටික දමා ගන්න. පොල් වතුර ටිකත් දමා අනා ගෙන(ඊස්ට් වලට සීනි ටිකක් හා වතුර දමා තබා ඊස්ට් හොදින් දිය වූ පසු කැමති නම් එයද එකතු කරන්න) එය ටික වෙලාවක් තබා එයද උණුසුම ඇති තැනක හොදින් වසා තබන්න. අඩු ගානේ පැය 6ක් වත්. පසුව එයට ලුණු ටිකක් දමන්න.

තෙම්පරාදුව සදහා
රතු ළුෑණු ටිකක්
කරපිංචා
අමු මිරිස් ටිකක්
අබ
මේ සියලුම දේ කපා ගෙන පලමුව තෙල් ස්වල්පයක් ලිප තබා එයට අබ ටිකක් දමා එය පිපිරෙන විට ළුෑණු, කරපිංචා, අමුමිරිස් තෙම්පරාදු කරන්න. පසුව එය හොදින් නිවෙන්න තියන්න.
නිවුනු පසු සාදා ගත් තෝසේ මිශ්‍රනයට දමා කලවම් කරන්න. පසුව තෙල් ගා ගත් තැටියක දමා තෝසේ සාදා ගන්න.
තෝස මිශ්‍රණය
තෝසේ මිශ්‍රණය මේ පදමට ගන්න
තෝසෙ හදන හැටි
තෙම්පරාදුවද එකතු කරගත් පසුව












තෝසේ හදන හැටි
හදල ඉවර කරපු තෝසෙ එකක්





































*යීස්ට් දැමීම අනිවාර්ය නැත. පොල් වතුර පිපීම සදහා ප්‍රමානවත් වේ.
*පාන් පිටි ගෙදර සිටින ප්‍රමානය අනුව අඩු වැඩි කර ගත හැක.
*පාන් පිටි නොදමාද මෙය සෑදිය හැක. නමුත් පාන් පිටි දැමූ පසු මිශ්‍රනයේ සොෆ්ට් ගතියක් ඇති වේ.
*හාල් හා උදු පමනක් මේ සදහා යොදා ගත හැකිය. ක්‍රිස්පි තොසේ, ගී තොසේ , මසාල තොසේ
මෙයින් සාදා ගත හැකිය. එවිට උදු වලට වඩා හාල් යොදා ගත යුතුයි.

තෝසෙ කන්න ඉතිං සාම්බාරුත් තිබුන නම් වඩාත් හොඳයි නේ. ඉතිං සාම්බාරුව හදාගන්න හැටි අනිත් පෝස්ට් එකෙන් බලන්න.

චයිනීස් රෝල්ස් හදන හැටි

චයිනිස් රෝල්ස් හදන හැටි

chinese rolls recipe
චයිනීස් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කැමති ප්‍රමාණයක්
බිත්තර 1 -2
රස අනුව ලුණු අවශ්‍ය ප්‍රමාණයට වතුර

රෝල්ස් හදන හැටි


මුලින් පාන් පිටි / ලුණු /බිත්තර බෙලෙන්ඩර් එකට දමා ගන්න.පසු එකට වතුර ටිකක් දමා හොදින් බෙලෙන්ඩර් කරන්න.මේ පිටි මිශ්‍රනය ගොඩක් තික් වෙන්න හොඳ නැහැ.එහෙම වුනොත් පැන් කේක් එක හදන කොට මහතට එවි.එතකොට රෝල්ස් ගොඩක් ලොකුවට තමා හැදෙන්නේ.
එ නිසා පිටි මිශ්‍රනය ගොඩක් තික් වෙන්න හොඳත් නැහැ/ වතුර ගතියට හොදත් නැහැ.මේ දෙකට මැද්දේ මේ පිටි මිශ්‍රනය ගන්න ඕනා.
පසු ඇතුලට දාන මිශ්‍රනය ඔයාලාට කැමති විදියට හදා ගන්න.අනිවාර්යයෙන් දෙහි ඇඹුල් දාන්න.එතකොට අමුතු රසයක් එනවා.
පසු රොටි තැටියක් ගෙන ලිප තියා එක රත් වෙන්න තියන්න.ගින්දර අඩු වෙන් දාන්න.පස්සෙ හදා ගත් මිශ්‍රනයෙන් ටිකක් තැටියට දමා රවුමට තුනි කරන්න.එ විදියට තුනියට පැන් කේක් හදා ගෙන රොටියේ ටිකක් උඩට වෙන්න හදා ගත් කරි එක තියන්න.හදා ගත්ත කරි එක ගොඩක් වියළි කරියක් වෙන්න ඕනා.පසු රොටිය ටිකක් නවා ගන්න.
පසු දෙපැත්තෙන්ම පොඩියට නවා ගන්න.දැන් හිමින් රෝල් කරන්න..
මේ විදියට හදා ගත් රෝල්ස් ටික නැවත පිටි බැටර් එකේ දවටලා පාන් කුඩු හොදින් දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.

රෝල්ස් හදන හැටි
රෝල්ස් ටික හදාගත්තට පස්සෙ ඉතිං මෙන්න මේ විදියට තමයි තියෙන්නෙ

Thursday, March 5, 2015

මාශ්මෙලෝ පුඩිම් හදන හැටි

මාශ්මෙලෝ පුඩිම් හදන හැටි


මාෂ්මෙලෝ පුඩිම් හදන හැටි


අවශ්‍ය ද්‍රව්‍ය
ජෙලටින් ග්‍රෑම් 10
බිත්තර සුදු මද 2
සීනී ග්‍රෑම් 125
වතුර මිලිලීටර් 125
වැනිලා එසන්ස් ස්වල්පයයි
අවශ්ශ නම් හීනීයට කපපු කජු,ප්ලම්ස් ටිකක් උඩින් දා ගන්න.
කලරින්.තමන් කැමති පාටක් හෝ පාට කිපයක් දාගන්න.

සාදන ආකාරය
බිත්තර සුදුමද හොදට බීට් කරන්න. වතුරවත්,කහමදවත් මේකට මිශ්‍ර කරන්නෙපා. එහෙම උනොත් හරියට එන්නැහැ. ජෙලටින් ටික වතුර වලට දාලා ඩබල් බොයිල් ක්‍රමයට උනු කරගන්න. බිත්තර ටික බීට් උනාම පුලුන් ගතිය එනවා. සීනී ටිකත් බිත්තර මිශ්‍රනයට ටිකෙන් ටික දදා බීට් කරන්න. සීනී ටික හීනී ඇට උනානම් ගොඩක් හොදයි. ඊටපස්සෙ ජෙලටින් ටිකත් එකතුකරල බිට් කරල ගන්න. ඊට පස්සෙ තව බාජනේකට මේ මිශ්‍රනයෙන් ටිකක් දාලා කලරින් දමා ගන්න. මුලින්ම එක කොටසක් ෆ්‍රිජ් එකට දාලා විනාඩි 5කින් අනිත් කොටස දාලා ෆ්‍රිජ් එකට දාලා ගන්න.
මාශ්මෙලෝ පුඩිම් හදන හැටි
මාශ්මෙලෝ පුඩිම්