Thursday, March 5, 2015

පැණි වළලු හදන හැටි

මෙන්න මේ විදිහට ඔයාලත් පැණි වළලු හදලා බලන්නකෝ...


උදු ඇට කෝප්ප 1
හාල් කෝප්ප 2
මිටි පොල් කිරි කෝප්ප 1
ලුණු ස්වල්පයයි
පොල් වතුර ටිකක්
කිතුල් පැණි බොතල් 1/2
සීනි මේස හැඳි 2
බැදීමට අවශ්‍ය තෙල්
පළමුවෙන්ම උදු සහ හාල් රැයක් පෙගෙන්න තියන්න.. පසුව උදේට එය වතුර බේරෙන්න තබන්න..හාල් ටික අඹරා ගෙන හොඳින් හලා ගන්න...මිටිකිරි කෝප්ප 1 සමඟ උදු ඇට හොඳින් ග්‍රයින්ඩ්‍රර් එකේ දමා ක්‍රීම් වගේ වෙන්න අඹරා ගන්න.. පසුව අඹරා ගත් උදු හා හලා ගත් හාල් පිටි කෝප්ප 1ක් දමා හොඳින් කලවම් කර පැය 5ක් පමණ වසා තබන්න..පැය 5කට පසුව ලුණු ටිකක් දමා කලවම් කරන්න..
දැන් පැණි භාජනයකට දමා උණු කරන්න...පැණි උණු කරන විට එයට සීනි මේස හැදි 2ක් පමණ දමා උණු කරන්න..එවිට පැණි හොඳින් උරා ගනී...(මේක නම් රහසක්.. ) මතක තබා ගත යුතුම කරුන නම් පැණි පත් පැණි වෙන්න කලින් ගත යුතුයි..
දැන් බොත්තම් කාසයක් මසා ගත් රෙදි කෑල්ලක් ගෙන මිශ්‍රනයෙන් ටිකක් දමා පොට්ටනියක් වගේ සකසා ගන්න..මම නම් මේ සඳහා භාවිතා කලා ප්ලාස්ටික් සෝස් බෝතලයක්..
තෙල් ලිප තබන්න.. රත් වූ තෙලට රවුම් ආකාරයට මිශ්‍රනය දමා හොඳින් රන් වන් පාට වන තෙක් බැද ගන්න..පසුව තෙල් බේරා ගත් විගසම පැණි මිශ්‍රනයට දමා පොගවා ගන්න...විනාඩි කීපයක් තබා මැටි මුට්ටියකට දමා පත්තර කොලයක් දමා මුට්ටියේ කට බැද අසුරා තබන්න..
* ඔබ පැණි වළලු හදපු ආකාරය නිවැරදි නම් පැණි වළල්ල වටේ පැණි නොතැවරිය යුතුය..පැණි වළල්ල ඇතුලට පැණි හොඳින් උරා ගෙන තිබිය යුතුය....
*උදු මිශ්‍රනයේ පදම නිවැරදි නම් හැන්දෙන් එස වූ විට නොවැටිය යුතුය..
*ඒ වගේම පැණි මිශ්‍රනය හැම වෙලේම ඇඟිල්ල ගහන්න පුළුවන් රස්නෙන් තබා ගත යුතුමයි...
*උදු වළලු වලට පැණි හොඳීන් උරා ගන්න නම් දෙකම රස්නෙන් තිබිය යුතුයි
*1.) මිශ්‍රනයට පිපෙන්න කිසිම දෙයක් දාන්න ඕනි නෑ..පොල් මිරිකනකොට පොල් වතුර ටිකක් දාන්න.. එච්චරයි....පිටි මිශ්‍රනය හොඳින් වසා උණුසුම් තැනක තබන්න..එවිට හොඳින් පිපේවි... උණුසුම් කාලගුණයක් ඇති දවසක නම් මිශ්‍රනය හොඳින් පිපේවි...
2.) සීනි වලින් පැණි සාදා භාවිතා කලාට කමක් නෑ..හැබැයි සීනි පත් පැණි ගානට උණු කරන්න එපා..ඊට කලින් සීනි මිශ්‍රනය ලිපෙන් බා ගන්න..පත් පැණි පදම කියන්නේ හැන්ඳෙන් ඉහළට එස වු විට කෙලින් ඝනකම ඉරක් වගේ වැක්කෙරෙන පදම, නැත්තම් වතුර පීරිසියකට සීනි මිශ්‍රනයෙන් බිංදුවක් දැම්මාම දිය වෙන්නේ නැති පදම, වතුරට මිශ්‍ර වෙනවා නම් සීනි මිශ්‍රනය පත් පැණි වෙලා නෑ..අන්න ඒ පදම තමයි (පත් පැණි වෙලා නැති පදම ) පැණි වළලු සදහා යොදා ගන්නේ...
*හාල් කොප්ප 2යි ගන්නේ...එකෙන් 2,3 පාරක් හොඳට හලා ගත්ත හාල් පිටි කෝප්ප 1ක් ගන්න.. තව හාල් පිටි ඉතිරි වෙනවා.. එ ටික තියා ගන්න..බැරි වෙලාවත් අත්වැරදීමකින් වත් මිශ්‍රනයේ තෙත ගතිය වැඩි උනොත් තව හාල් පිටි ටිකක් දා ගන්න.. මතක තියා ගන්න ඕනී වැඩිය හාල් පිටි දාන්න එපා..එහෙම උනොත් පැණි වළලු තද වෙනවා...හැම වෙලේම උඳු වලට වඩා අඩුවෙන් හාල් පිටි ගන්න ඕනි...මිශ්‍රනය හැමවෙලේම හැන්ඳෙන් එස වූ විට වැටෙන් නැති පදම ගත් යුතුමයි..


No comments:

Post a Comment