Thursday, March 5, 2015

තෝසේ හදන්නෙ කොහොමද

තෝසේ හදන හැටි

තෝසෙ හදන්නෙ කොහොමද ?
තෝසේ හදාගන්න හැටි


අවශ්‍ය ද්‍රව්‍ය
උඳු ග්‍රෑම් 500 යි
කැකුළු හාල් පිටි ග්‍රෑම් 250 යි
පොල් කිරි (මිටිකිරි) කෝප්ප 3 යි
තලතෙල් ස්වල්පයක් (තල තෙල් නැතිනම් වෙන තෙල් සුවල්පයක්)
උළුහාල් සහ කහ ස්වල්පයක් බැගින්.
වතුරින් දියකර ගත් යීස්ටි තේ හැදි 1ක්
ලියාගත් කරපින්චා සුවල්පයක්
ලුණු,අබ ටිකක්, ඵෑනු, වියලි මිරිස් කරල් දෙක තුනක්

තෝසෙ හදාගන්නා ආකාරය
උඳු පිරිසිදු කර සෝදා රැයක් පෙඟෙන්න දාන්න.
උදේට උඳුවල වතුර බේරල මිරිස් ගලේ තුනී වෙන්න අඹරාගන්න. උළුහාල් ටිකකුත් ගලේ අඹරාගන්න බෙලෙන්ඩර් හරි කමක් නෑ.
මුට්ටියකට මේ අඹරාගත් ජාති දෙක දාල කැකුළු හාල් පිටි සහ පොල් කිරි ටිකක් දාලා කහද ඊටම මිශ්‍ර කරගන්න. එයටම වතුරින් දියකර ගත් යීස්ටි තේ හැදි 1ක් එකතු කර කලවම් කරන්න.
මෙම භාඡනය තෙත රෙදි කඩකින් වසා පැයක් පමන තබන්න. පැයකින් පමන බලන විට එය දෙගුන වී තියේවි. ඊට පස්සෙ උවමනා විදියට ඝනකම වෙන්න තව කිරි ටිකක් දාලා හදාගන්න.

තෙල් ටිකක් ලිපේ තියල රත් වෙද්දි එයට අබ ටිකක්,උඵහාල් ටිකක්, කරපිංච, ඵෑනු, වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩාවට කඩා තෙලට දමන්න. එය රන්වන් පාට වෙනකන් බදින්න. මේ මිශ්‍රනය උළුදු මිශ්‍රනයට දමා කලවම් කරන්න. අවශ්‍ය පමනට ලුණුද එක්කරන්න.

පසුව තොසේ තැටියේ තලතෙල් තවරා ලිපේ තියල තල තෙල් ගාල හදාගන්න. තලතෙල්ම ගාන්න එතකොට රසයි

No comments:

Post a Comment