Friday, March 6, 2015

තෝසෙ හදන හැටි

තෝසෙ හදන හැටි

තෝසෙ හදන හැටි


අවශ්‍ය ද්‍රව්‍ය
උදු ඇට කෝප්ප 1
උළු හාල් තේ හැඳි 1/2
හාල් කෝප්ප 1/2
පාන් පිටි කෝප්ප 2 හෝ ඊට අඩුව හෝ වැඩි
ලුණු රස අනුව
පොල් වතුර ටිකක්
කැමති නම් ඊස්ට් තේ හැඳි 1
සීනි ස්වල්පයක්


සාදන ක්‍රමය
මුලින්ම උදු වලට උළුහාල් ටික දමන්න. එය හා හාල් වෙන වෙනම භාජන වල දමා රැයක් පෙගෙන්න තියන්න. අඩුම ගානේ පැය 5ක් වත් පෙගෙන්න තියන්න. පසුව මුලින්ම උදු අඹරා ගන්න. පසුව හාල් ටික අඹරා ගන්න. උදුවලට අඹරා ගත් හාල් දමා කලවම් කරන්න. පසුව පාන් පිටි ටික දමා ගන්න. පොල් වතුර ටිකත් දමා අනා ගෙන(ඊස්ට් වලට සීනි ටිකක් හා වතුර දමා තබා ඊස්ට් හොදින් දිය වූ පසු කැමති නම් එයද එකතු කරන්න) එය ටික වෙලාවක් තබා එයද උණුසුම ඇති තැනක හොදින් වසා තබන්න. අඩු ගානේ පැය 6ක් වත්. පසුව එයට ලුණු ටිකක් දමන්න.

තෙම්පරාදුව සදහා
රතු ළුෑණු ටිකක්
කරපිංචා
අමු මිරිස් ටිකක්
අබ
මේ සියලුම දේ කපා ගෙන පලමුව තෙල් ස්වල්පයක් ලිප තබා එයට අබ ටිකක් දමා එය පිපිරෙන විට ළුෑණු, කරපිංචා, අමුමිරිස් තෙම්පරාදු කරන්න. පසුව එය හොදින් නිවෙන්න තියන්න.
නිවුනු පසු සාදා ගත් තෝසේ මිශ්‍රනයට දමා කලවම් කරන්න. පසුව තෙල් ගා ගත් තැටියක දමා තෝසේ සාදා ගන්න.
තෝස මිශ්‍රණය
තෝසේ මිශ්‍රණය මේ පදමට ගන්න
තෝසෙ හදන හැටි
තෙම්පරාදුවද එකතු කරගත් පසුව












තෝසේ හදන හැටි
හදල ඉවර කරපු තෝසෙ එකක්





































*යීස්ට් දැමීම අනිවාර්ය නැත. පොල් වතුර පිපීම සදහා ප්‍රමානවත් වේ.
*පාන් පිටි ගෙදර සිටින ප්‍රමානය අනුව අඩු වැඩි කර ගත හැක.
*පාන් පිටි නොදමාද මෙය සෑදිය හැක. නමුත් පාන් පිටි දැමූ පසු මිශ්‍රනයේ සොෆ්ට් ගතියක් ඇති වේ.
*හාල් හා උදු පමනක් මේ සදහා යොදා ගත හැකිය. ක්‍රිස්පි තොසේ, ගී තොසේ , මසාල තොසේ
මෙයින් සාදා ගත හැකිය. එවිට උදු වලට වඩා හාල් යොදා ගත යුතුයි.

තෝසෙ කන්න ඉතිං සාම්බාරුත් තිබුන නම් වඩාත් හොඳයි නේ. ඉතිං සාම්බාරුව හදාගන්න හැටි අනිත් පෝස්ට් එකෙන් බලන්න.

No comments:

Post a Comment