Thursday, March 5, 2015

මාශ්මෙලෝ පුඩිම් හදන හැටි

මාශ්මෙලෝ පුඩිම් හදන හැටි


මාෂ්මෙලෝ පුඩිම් හදන හැටි


අවශ්‍ය ද්‍රව්‍ය
ජෙලටින් ග්‍රෑම් 10
බිත්තර සුදු මද 2
සීනී ග්‍රෑම් 125
වතුර මිලිලීටර් 125
වැනිලා එසන්ස් ස්වල්පයයි
අවශ්ශ නම් හීනීයට කපපු කජු,ප්ලම්ස් ටිකක් උඩින් දා ගන්න.
කලරින්.තමන් කැමති පාටක් හෝ පාට කිපයක් දාගන්න.

සාදන ආකාරය
බිත්තර සුදුමද හොදට බීට් කරන්න. වතුරවත්,කහමදවත් මේකට මිශ්‍ර කරන්නෙපා. එහෙම උනොත් හරියට එන්නැහැ. ජෙලටින් ටික වතුර වලට දාලා ඩබල් බොයිල් ක්‍රමයට උනු කරගන්න. බිත්තර ටික බීට් උනාම පුලුන් ගතිය එනවා. සීනී ටිකත් බිත්තර මිශ්‍රනයට ටිකෙන් ටික දදා බීට් කරන්න. සීනී ටික හීනී ඇට උනානම් ගොඩක් හොදයි. ඊටපස්සෙ ජෙලටින් ටිකත් එකතුකරල බිට් කරල ගන්න. ඊට පස්සෙ තව බාජනේකට මේ මිශ්‍රනයෙන් ටිකක් දාලා කලරින් දමා ගන්න. මුලින්ම එක කොටසක් ෆ්‍රිජ් එකට දාලා විනාඩි 5කින් අනිත් කොටස දාලා ෆ්‍රිජ් එකට දාලා ගන්න.
මාශ්මෙලෝ පුඩිම් හදන හැටි
මාශ්මෙලෝ පුඩිම්

No comments:

Post a Comment