Sunday, March 8, 2015

රුලන් පුඩිම් හදන හැටි

 රුලන් වලින් පුඩිම් හදන හැටි


රුලං පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය
සිනි කප්1
වතුර කප් ක1
පිටි කිරි 1/2
කරදමුන් 2
රුලන් කප් 1
කජු ටිකක් හෝ සුල්තාන් හෝ රට කජු ටිකක්

අවශ්‍ය ද්‍රව්‍ය

රුලන් වලින් පුඩිම් හදන හැටි
ඉස්ලාම රුලන් ටිකක් බැදලා ගන්න.
ඊට පස්සෙ සීනි සහ වතුර ලිප මත තාබා දිය කරන්න. එ්ත් එක්කම කිරි දමා කලවම් කරන්න. කරදමුන්ගු ද දමා හොඳට මිශ්‍ර කරන්න.

රුලන් පුඩිම් හදන හැටි

ඉන්පසු සිනි ටික මිශ්‍ර උනාට පසු රුලන්(සැමොලිනා) ටික දමා ගන්න .හොඳට මිශ්‍ර කරන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. 

රුලන් වලින් පුඩිම් හදන හැටි

ඉන්පසු අර කජුද /රට කජුද /sultan ද දාමා අනා ගන්න. එය හොඳට මිශ්‍ර කරන්න අතෙ ඇලෙන්නෙ නැතුව යන තරමට. ඉන්පසු තැටියකට දමා කැලි කපා ගන්න .ඉන්පසු ශීතකරණයක දමා ගන්න. 

semolina pudding at home recipe
 

Saturday, March 7, 2015

සාම්බාරු හදන හැටි

සාම්බාරු හදන හැටි


sambaru
සාම්බාරු

අපිට පුරුදු රසට ගෙදරදිම සාම්බාරු හදන්නේ මෙහෙමයි. ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය
කැරට්
බෝංචි
බටු
මුරුංගා
අල
වට්ටක්කා
තක්කාලි
පරිප්පු ටිකක්
ළුෑණු
කරපිංචා
රම්පේ
අමු මිරිස්
තුනපහ කුඩු
මිරිස් කුඩු
කහ කුඩු
ලුණු
කොත්තමල්ලි කොළ ටිකක්
( මේ ඔක්කොම ඕනෙ නැ. තියෙන තියෙන විදියට ගන්න )


තෙම්පරාදුව සදහා
සුදු ළුෑණු
ළුෑණු ටිකක්
අබ ටිකක්
කරපිංචා ටිකක්

සාම්බාරු හදන හැටි
ඉස්සෙල්ලාම කරන්න ඔනි එලවලු ටික සෝදලා කපා ගන්න එක.. පස්සෙ සෝදා ගත් පරිප්පු ටිකත්, තුනපහ ටිකත්, ලුණු, අමුමිරිස්,කරපිංචා රම්පේ දාලා වතුර එලවලු වැහෙන්නම දාලා හොදින් එලවලු ටික තම්බා ගන්න.

* කැමති නම් එලවළුත් එක්කම තක්කාලි ටික දමා තැම්නෙන්න තියන්න පුළුවන්. නැත්තම් තක්කාලි තෙම්පරාදු කරනකොට එකතු කර ගන්න.

පසුව තැම්බුනු එළවළු ටික තෙම්පරාදු කර ගන්න.
තෙම්පරාදුව සදහා තෙල් ටිකක් ලිප තබා මුලින් අබ ටික දමා පුපුරනකොට අනිත් සියල්ල දමා රන් වන් පාට වනතුරු බදගෙන එලවලු මිශ්‍රනයට එකතු කරන්න
පසුව අතින් කඩා ගත් කොත්තමල්ලි කොල ටිකක් එකතු කරගන්න.

සාම්බාරු හදන හැටි

** සාමාන්‍යයෙන් සාම්බාර් හොද්ද තියෙන්න ඔනි දියට. උකු ගතියක් තියෙන්න බෑ..එත් සමහරු ආසයි උකු වෙනව.
*වට්ටක්කා ,පරිප්පු යොදන නිසා හොද්දේ යන්තම් හරි උකු ගතියක් නැත්තේ නෑ. කැමති නම් තව උකු කර ගන්න පුලුවන්.
*හොද්ද උකු කර ගන්න නම් කැමති නම් පොල් කිරි දමා ගන්න.

නැත්තම් මෙහෙම කරන්න. එළවළු වැහෙනකන් වතුර දාලා තම්බ ගත්ත හොද්දේ කෑලි ටික පොඩ්ඩක් වෙනම භාජනයකට දමා හොද්දයි පරිප්පු ටිකයි බෙරෙන්ඩර් එකට දමා අඹරා ගන්න. පසුව එය එලවලු මිශ්‍රනයට දමා තෙම්පරාදු කර ගන්න.

සාම්බාරු හදන හැටි

Friday, March 6, 2015

තෝසෙ හදන හැටි

තෝසෙ හදන හැටි

තෝසෙ හදන හැටි


අවශ්‍ය ද්‍රව්‍ය
උදු ඇට කෝප්ප 1
උළු හාල් තේ හැඳි 1/2
හාල් කෝප්ප 1/2
පාන් පිටි කෝප්ප 2 හෝ ඊට අඩුව හෝ වැඩි
ලුණු රස අනුව
පොල් වතුර ටිකක්
කැමති නම් ඊස්ට් තේ හැඳි 1
සීනි ස්වල්පයක්


සාදන ක්‍රමය
මුලින්ම උදු වලට උළුහාල් ටික දමන්න. එය හා හාල් වෙන වෙනම භාජන වල දමා රැයක් පෙගෙන්න තියන්න. අඩුම ගානේ පැය 5ක් වත් පෙගෙන්න තියන්න. පසුව මුලින්ම උදු අඹරා ගන්න. පසුව හාල් ටික අඹරා ගන්න. උදුවලට අඹරා ගත් හාල් දමා කලවම් කරන්න. පසුව පාන් පිටි ටික දමා ගන්න. පොල් වතුර ටිකත් දමා අනා ගෙන(ඊස්ට් වලට සීනි ටිකක් හා වතුර දමා තබා ඊස්ට් හොදින් දිය වූ පසු කැමති නම් එයද එකතු කරන්න) එය ටික වෙලාවක් තබා එයද උණුසුම ඇති තැනක හොදින් වසා තබන්න. අඩු ගානේ පැය 6ක් වත්. පසුව එයට ලුණු ටිකක් දමන්න.

තෙම්පරාදුව සදහා
රතු ළුෑණු ටිකක්
කරපිංචා
අමු මිරිස් ටිකක්
අබ
මේ සියලුම දේ කපා ගෙන පලමුව තෙල් ස්වල්පයක් ලිප තබා එයට අබ ටිකක් දමා එය පිපිරෙන විට ළුෑණු, කරපිංචා, අමුමිරිස් තෙම්පරාදු කරන්න. පසුව එය හොදින් නිවෙන්න තියන්න.
නිවුනු පසු සාදා ගත් තෝසේ මිශ්‍රනයට දමා කලවම් කරන්න. පසුව තෙල් ගා ගත් තැටියක දමා තෝසේ සාදා ගන්න.
තෝස මිශ්‍රණය
තෝසේ මිශ්‍රණය මේ පදමට ගන්න
තෝසෙ හදන හැටි
තෙම්පරාදුවද එකතු කරගත් පසුව












තෝසේ හදන හැටි
හදල ඉවර කරපු තෝසෙ එකක්





































*යීස්ට් දැමීම අනිවාර්ය නැත. පොල් වතුර පිපීම සදහා ප්‍රමානවත් වේ.
*පාන් පිටි ගෙදර සිටින ප්‍රමානය අනුව අඩු වැඩි කර ගත හැක.
*පාන් පිටි නොදමාද මෙය සෑදිය හැක. නමුත් පාන් පිටි දැමූ පසු මිශ්‍රනයේ සොෆ්ට් ගතියක් ඇති වේ.
*හාල් හා උදු පමනක් මේ සදහා යොදා ගත හැකිය. ක්‍රිස්පි තොසේ, ගී තොසේ , මසාල තොසේ
මෙයින් සාදා ගත හැකිය. එවිට උදු වලට වඩා හාල් යොදා ගත යුතුයි.

තෝසෙ කන්න ඉතිං සාම්බාරුත් තිබුන නම් වඩාත් හොඳයි නේ. ඉතිං සාම්බාරුව හදාගන්න හැටි අනිත් පෝස්ට් එකෙන් බලන්න.

චයිනීස් රෝල්ස් හදන හැටි

චයිනිස් රෝල්ස් හදන හැටි

chinese rolls recipe
චයිනීස් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කැමති ප්‍රමාණයක්
බිත්තර 1 -2
රස අනුව ලුණු අවශ්‍ය ප්‍රමාණයට වතුර

රෝල්ස් හදන හැටි


මුලින් පාන් පිටි / ලුණු /බිත්තර බෙලෙන්ඩර් එකට දමා ගන්න.පසු එකට වතුර ටිකක් දමා හොදින් බෙලෙන්ඩර් කරන්න.මේ පිටි මිශ්‍රනය ගොඩක් තික් වෙන්න හොඳ නැහැ.එහෙම වුනොත් පැන් කේක් එක හදන කොට මහතට එවි.එතකොට රෝල්ස් ගොඩක් ලොකුවට තමා හැදෙන්නේ.
එ නිසා පිටි මිශ්‍රනය ගොඩක් තික් වෙන්න හොඳත් නැහැ/ වතුර ගතියට හොදත් නැහැ.මේ දෙකට මැද්දේ මේ පිටි මිශ්‍රනය ගන්න ඕනා.
පසු ඇතුලට දාන මිශ්‍රනය ඔයාලාට කැමති විදියට හදා ගන්න.අනිවාර්යයෙන් දෙහි ඇඹුල් දාන්න.එතකොට අමුතු රසයක් එනවා.
පසු රොටි තැටියක් ගෙන ලිප තියා එක රත් වෙන්න තියන්න.ගින්දර අඩු වෙන් දාන්න.පස්සෙ හදා ගත් මිශ්‍රනයෙන් ටිකක් තැටියට දමා රවුමට තුනි කරන්න.එ විදියට තුනියට පැන් කේක් හදා ගෙන රොටියේ ටිකක් උඩට වෙන්න හදා ගත් කරි එක තියන්න.හදා ගත්ත කරි එක ගොඩක් වියළි කරියක් වෙන්න ඕනා.පසු රොටිය ටිකක් නවා ගන්න.
පසු දෙපැත්තෙන්ම පොඩියට නවා ගන්න.දැන් හිමින් රෝල් කරන්න..
මේ විදියට හදා ගත් රෝල්ස් ටික නැවත පිටි බැටර් එකේ දවටලා පාන් කුඩු හොදින් දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.

රෝල්ස් හදන හැටි
රෝල්ස් ටික හදාගත්තට පස්සෙ ඉතිං මෙන්න මේ විදියට තමයි තියෙන්නෙ

Thursday, March 5, 2015

මාශ්මෙලෝ පුඩිම් හදන හැටි

මාශ්මෙලෝ පුඩිම් හදන හැටි


මාෂ්මෙලෝ පුඩිම් හදන හැටි


අවශ්‍ය ද්‍රව්‍ය
ජෙලටින් ග්‍රෑම් 10
බිත්තර සුදු මද 2
සීනී ග්‍රෑම් 125
වතුර මිලිලීටර් 125
වැනිලා එසන්ස් ස්වල්පයයි
අවශ්ශ නම් හීනීයට කපපු කජු,ප්ලම්ස් ටිකක් උඩින් දා ගන්න.
කලරින්.තමන් කැමති පාටක් හෝ පාට කිපයක් දාගන්න.

සාදන ආකාරය
බිත්තර සුදුමද හොදට බීට් කරන්න. වතුරවත්,කහමදවත් මේකට මිශ්‍ර කරන්නෙපා. එහෙම උනොත් හරියට එන්නැහැ. ජෙලටින් ටික වතුර වලට දාලා ඩබල් බොයිල් ක්‍රමයට උනු කරගන්න. බිත්තර ටික බීට් උනාම පුලුන් ගතිය එනවා. සීනී ටිකත් බිත්තර මිශ්‍රනයට ටිකෙන් ටික දදා බීට් කරන්න. සීනී ටික හීනී ඇට උනානම් ගොඩක් හොදයි. ඊටපස්සෙ ජෙලටින් ටිකත් එකතුකරල බිට් කරල ගන්න. ඊට පස්සෙ තව බාජනේකට මේ මිශ්‍රනයෙන් ටිකක් දාලා කලරින් දමා ගන්න. මුලින්ම එක කොටසක් ෆ්‍රිජ් එකට දාලා විනාඩි 5කින් අනිත් කොටස දාලා ෆ්‍රිජ් එකට දාලා ගන්න.
මාශ්මෙලෝ පුඩිම් හදන හැටි
මාශ්මෙලෝ පුඩිම්

වටලප්පන් හදන හැටි

වටලප්පන් හදන හැටි


වටලප්පන් හදන හැටි


අවශ්‍ය ද්‍රව්‍ය
පොල් කිරි හෝ කිරි කෝප්ප 1 1/2
බිත්තර 05
හකුරු 250g
වැනිලා
එනසහල්


වටලප්පන් හදන හැටි
බිත්තර බිට් කරගන්න .
ෆ්‍රෙෂ් මිල්ක් හෝ පොල් කිරි සමග හකුරු ටික බ්ලෙන්ඩ් කරගන්න.
කිරි මිශ්‍රණය හා බිත්තර කලවම් කරගන්න. එන්සහල් කුඩු ස්වල්පයක් හා වැනිලා එකතු කරගන්න.
ඉන්පසුව බදුනකට දමා හොදින් වසාගෙන ස්ටීම් කරගන්න.
විනාඩි 40ක් පමණ ස්ටීම් කරගන්න.
ඉන්පසුව රසම රස වටලප්පන් එක කජු උඩින් දමා සරසාගෙන ශිතකරන්යේ තබා පසුව ආහාරයට ගන්න.

වටලප්පන් හදන හැටි

තෝසේ හදන්නෙ කොහොමද

තෝසේ හදන හැටි

තෝසෙ හදන්නෙ කොහොමද ?
තෝසේ හදාගන්න හැටි


අවශ්‍ය ද්‍රව්‍ය
උඳු ග්‍රෑම් 500 යි
කැකුළු හාල් පිටි ග්‍රෑම් 250 යි
පොල් කිරි (මිටිකිරි) කෝප්ප 3 යි
තලතෙල් ස්වල්පයක් (තල තෙල් නැතිනම් වෙන තෙල් සුවල්පයක්)
උළුහාල් සහ කහ ස්වල්පයක් බැගින්.
වතුරින් දියකර ගත් යීස්ටි තේ හැදි 1ක්
ලියාගත් කරපින්චා සුවල්පයක්
ලුණු,අබ ටිකක්, ඵෑනු, වියලි මිරිස් කරල් දෙක තුනක්

තෝසෙ හදාගන්නා ආකාරය
උඳු පිරිසිදු කර සෝදා රැයක් පෙඟෙන්න දාන්න.
උදේට උඳුවල වතුර බේරල මිරිස් ගලේ තුනී වෙන්න අඹරාගන්න. උළුහාල් ටිකකුත් ගලේ අඹරාගන්න බෙලෙන්ඩර් හරි කමක් නෑ.
මුට්ටියකට මේ අඹරාගත් ජාති දෙක දාල කැකුළු හාල් පිටි සහ පොල් කිරි ටිකක් දාලා කහද ඊටම මිශ්‍ර කරගන්න. එයටම වතුරින් දියකර ගත් යීස්ටි තේ හැදි 1ක් එකතු කර කලවම් කරන්න.
මෙම භාඡනය තෙත රෙදි කඩකින් වසා පැයක් පමන තබන්න. පැයකින් පමන බලන විට එය දෙගුන වී තියේවි. ඊට පස්සෙ උවමනා විදියට ඝනකම වෙන්න තව කිරි ටිකක් දාලා හදාගන්න.

තෙල් ටිකක් ලිපේ තියල රත් වෙද්දි එයට අබ ටිකක්,උඵහාල් ටිකක්, කරපිංච, ඵෑනු, වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩාවට කඩා තෙලට දමන්න. එය රන්වන් පාට වෙනකන් බදින්න. මේ මිශ්‍රනය උළුදු මිශ්‍රනයට දමා කලවම් කරන්න. අවශ්‍ය පමනට ලුණුද එක්කරන්න.

පසුව තොසේ තැටියේ තලතෙල් තවරා ලිපේ තියල තල තෙල් ගාල හදාගන්න. තලතෙල්ම ගාන්න එතකොට රසයි

පරාටා හදන හැටි

පරාටා හදන හැටි




අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කප් 5
තෙල් මේසහැදි 6
සිනි ටිකක්
රස අනුව ලුණු
බේකින් පවුඩර්
වතුර

පරාටා හදන හැටි
මුලින් පාන් පිටි එකට මේ සියල්ල හොදින් එක් කර කලවම් කරන්න. පස්සෙ වතුර ටික ටික දමා මෘදු මිශ්‍රනයක් හදා ගන්න. පසු අතේ හොදින් තෙල් ටිකක් ගා ගෙන එම පිටි මිශ්‍රනය විනාඩි 5 පමණ හොදින් අනා ගන්න.
පසු තෙත රෙද්දකින් වසා පැය 1/2 තියන්න. පැය භාගයකට පස්සෙ පෙනෙවි පිටි මිශ්‍රනය හොදින් සොප්ට් වෙලා තියනවා.
පසු නැවත අතේ තෙල් ටිකක් ගා ගෙන නැවත හොදින් පිටි ටික අනා ගන්න. පසු කැමති ප්‍රමාණයකට බෝල හදා ගෙන එ් පිටි ගුලි ටිකත් පැය 1/4 පමණ තෙත රෙද්දකින් වසා තියන්න. ඊට පස්සෙ ඉතිං ලෑල්ලක හොඳට තුනී කරන්න. ඊට පස්සෙ ඒකට ඔයා කැමති මිශ්‍රණයකින් පුරවගෙන (එළවළු රොටී වගේ) හොඳට හැඩයක් එන විදියට ඔතාගන්න. ඊට පස්සෙ ඉතිං ලෑල්ලක පුච්චගනන්. එච්චරයි.
පරාටා හදන්නෙ කොහොමද
පරාටා හදන හැටි

තව ඉතිං ඕකටම බටර් ටිකකුයි බිත්තරයි දැන්මනම් හොඳ රසයක් එනවා.

බිත්තර පරාටා හදන හැටි

බිත්තර පරාටා හදන හැටි



ටිකක් වෙනස් විදිහෙ කෑමක්.හරියට බිත්තර රොටි වගේ. හරියට හදාගත්තොත් නියමයි.
පාන් පිටි,තෙල්,ලුනු,බිත්තරයක් හා අවශ්‍ය පමනට වතුර දාලා රොටීය හදාගන්න.විනාඩි 20ක් තියන්න.ටිකක් වැඩිපුර තෙල් ඕනා.මැදට දාන්න කරියක් ඕනා.තමන් කැමති දේකින් හදගන්න.වෙනම තක්කාලි,බිත්තරත් ඕනා.

මුලින්ම පරාතා මිශ්‍රනයෙන් බෝල හදාගෙන තුනී කරගන්න.












තෙල් දාලා තුනී කරගන්න.ඒ මැදට හදාගත්තු කරි එක දාලා,උඩින් බිත්තරයක් දාලා ඊට උඩින් පොඩියට කපාගත්තු තක්කලි දාලා බිත්තර රොටි වගෙ නවල දෙපැත්ත දාලා පුච්චගන්න..ඇතුලෙ බිත්තර ටික තැම්බෙන්න ඕනා.











උළුදු වඩේ හදන හැටි

උළුදු වඩේ හදන හැටි


උළුඳු වඩේ හදන හැටි
උළුඳු වඩේ හදන හැටි

මුලින් කැමති ප්‍රමාණයක් උළුදු අරගෙන හොදින් සෝදා පැය 6-7 පෙගෙන්න දාන්න.
පසු වතුර ටික හොදින් යවා බෙලෙන්ඩර් එකට දමා ටික ටික හොදින් බෙලෙන්ඩර් කරන්න.වතුර ටික වෙන්න දමා බෙලෙන්ඩර් කරන්න.
උඳු පිටි තියෙනවනං ඉතිං කෙලින්ම ඒ පිටිම ගන්න. ප්‍රශ්නයක් නෑ.
(උඳු 200g ට පාංපිටි 100g ක් දාන්නත් පුළුවන්. මොකද උඳු පිටි විතරක් ගත්තම පොඩි තිත්ත රසක් එන්න පුළුවන්).
මෙසේ බෙලෙන්ඩර් කර ගත් මිශ්‍රනයට සුදුරු ටිකක්/පොඩියට කපා ගත්ත ළුෑනු/කරපිංචා කොල ටිකක් හා අමුමිරිස් ටිකක් දාන්න.එකටම කැලි මිරිස් කුඩු ටික හා රස අනුව ලුණු දමා ගන්න.තව ඉගුරු ටිකක් වෙන්න හිනියට කපා දාන්න.පොල් බෑයක ගාගත්ත පොල්ද දාගන්න. ආප්ප සෝඩත් චුට්ටක් දාන්න.

දැන් මේ සියල්ල හොදින් මිශ්‍ර කර පැය 4 ක් පමණ පිපෙන්න තියන්න.
මේ මිශ්‍රනය ටිකක් දියාරු වගේ දැනුනෝත් තව බොහොම ටිකක් පාන් පිටි දමා ගන්න.
පසු තෙල් තාච්චිය හොදින් රත් වෙන්න තියා එකට මේ වඩේ මිශ්‍රනයෙන් ටිකක් අතට ගෙන එහි මැද සිදුරක් හදා තෙල් තාච්චියට දමා රන්වන් පාට වනතුරු බැද ගන්න.ගින්දර අඩුවෙන් දමා බැද ගන්න.
ඔයාලා අතට වඩේ මිශ්‍රනය ගන්න පෙර අතේ හොදින් වතුර ගා ගන්න.එතකොට අතේ ඇලවෙන්නේ නැහැ.

Layered Jelly Slices හදන හැටි

Layered Jelly Slices හදන හැටි


අවශ්‍ය දේවල්
ජෙලි ලොකු පැකට් 1 (200 g )
මාරි බිස්කට් 200 g
බටර් 200 g
මිල්ක්මේඩ් පොඩි ටින් 1
ජෙලටින් තේ හැදි 3
උනුසුම් වතුර කෝප්ප 1/2
වැනිලා තේ හැදි 1/2


හදන හැටි
මාරි බිස්කට් ටික කුඩු කරගන්න. බටර් ටික දියකරගන්න. (නටන උනු වතුර භාජනයක බටර් භාජනය තියන්න. ඉක්මනට දිය වෙනවා. ) බිස්කට් කුඩු වලට දමා මිශ්‍ර කරන්න. තෙල් කඩදාසි දා ගත්ත ට්‍රේ එකක හොදට තුනී කරන්න. ( මේක තමා බේස් එක ) .ෆ්‍රිජ් එකට දාන්න. (මම ෆ්‍රීසර් එකේ දානවා ඉක්මනට හදා ගන්න ඕනි නම්)
ජෙලටින් ටික උනු වතුර කෝප්ප 1/2 දියකර මිල්ක්මේඩ් පොඩි ටින් එකත් එක්ක මිශ්‍ර කරන්න.වැනිලා දාන්න. බිස්කට් බේස් එක හොදට හයි වුනාම ඊට උඩින් මිල්ක්මේඩ් ලේයර් එක දාලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ දාන්න.
ජෙලි පැකට් එකේ ලියලා තියෙන වතුර ප්‍රමානෙන් බාගයක් දාලා ජෙලි හදාගෙන සෙට් වුනු මිල්ක්මේඩ් ලේයර් එක උඩින් දාලා ෆ්‍රිජ් එකට දාන්න. සෙට් වුනාම ලස්සනට කපාගන්න.


Layered Jelly Slices හදන හැටි
Layered Jelly Slices හදන හැටි

How To Make Coconut Toffee At Home - පොල් ටොපි හදන හැටි

පොල් ටොපි හදන හැටි


පොල් ටොපි

1cup sugar
1/2 cup water
1 cardamom
1 1/2 cup desiccated coconut
pinch food colour powder or liquid (pink or green)

Remove cardamom pod and crush or powder the seeds.
In medium heat stir the sugar and water until it is thickens into a syrup that is sticky. Put a pinch of colouring into the coconut, lower the heat add coconut and crushed cardamom mix until it thickens.
Put into a greased dish and flatten about 1/2" thick. Let it cool it will harden a little then cut into squares. These coconut toffees will last for a week or more.

Coconut Toffee Recipe

පොල් ටොෆි
පොල් ටොපි හදන හැටි



මිල්ක් මේඩ් කේක් හදන හැටි

මිල්ක් මේඩ් කේක් හදන හැටි


මෙන්න මෙහෙමයි මිල්ක් මේඩ් කේක් හදන්නේ.. 

අවශ්‍ය කරන දේවල්:-
මිල්ක් මෙඩ් ග්‍රෑම් 250
බටර් ග්‍රෑම් 125
පිටි ග්‍රෑම් 50
රුලං ග්‍රෑම් 5
සිනි ග්‍රෑම් 50
(අවශ්‍යය නම්) බිත්තර 4
බෙකින් පව්ඩර් ග්‍රෑම් 16
වැනිලා ටිකක්

මිල්ක් මේඩ් කෙක් හදන හැටි
මුලින්ම සිනි සහ මිල්ක් මේඩ් දමා බිට් කර ගන්න. එයටම බටර් දමා බිට් කරන අතර බිත්තර එකතු කර හොදින් බිට් කරන්න. පිටි වර්ග වැනිලා බෙකින් පව්ඩර් මිශ්‍ර කර කලින් මිශ්‍රණයට මිශ්‍ර කර සෙන්ට්ග්‍ර්‍ර්‍රෙඩ් අන්ශක 180 ට විනාඩි 35ක් බෙක් කර ගන්න.
සෑ.යු. මෙයට අවශ්‍යය නම් කජු සහ චොකලට් පව්ඩර් ග්‍රෑම් 60 ක් එකතු කර මිල්ක් මෙඩ් මිශ්‍ර චොකලට් කේක් සාදා ගන්න..හරිම රසයි.

මිල්ක් මේඩ් කේක්
මිල්ක් මේඩ් කේක් හදන හැටි


පැණි වළලු හදන හැටි

මෙන්න මේ විදිහට ඔයාලත් පැණි වළලු හදලා බලන්නකෝ...


උදු ඇට කෝප්ප 1
හාල් කෝප්ප 2
මිටි පොල් කිරි කෝප්ප 1
ලුණු ස්වල්පයයි
පොල් වතුර ටිකක්
කිතුල් පැණි බොතල් 1/2
සීනි මේස හැඳි 2
බැදීමට අවශ්‍ය තෙල්
පළමුවෙන්ම උදු සහ හාල් රැයක් පෙගෙන්න තියන්න.. පසුව උදේට එය වතුර බේරෙන්න තබන්න..හාල් ටික අඹරා ගෙන හොඳින් හලා ගන්න...මිටිකිරි කෝප්ප 1 සමඟ උදු ඇට හොඳින් ග්‍රයින්ඩ්‍රර් එකේ දමා ක්‍රීම් වගේ වෙන්න අඹරා ගන්න.. පසුව අඹරා ගත් උදු හා හලා ගත් හාල් පිටි කෝප්ප 1ක් දමා හොඳින් කලවම් කර පැය 5ක් පමණ වසා තබන්න..පැය 5කට පසුව ලුණු ටිකක් දමා කලවම් කරන්න..
දැන් පැණි භාජනයකට දමා උණු කරන්න...පැණි උණු කරන විට එයට සීනි මේස හැදි 2ක් පමණ දමා උණු කරන්න..එවිට පැණි හොඳින් උරා ගනී...(මේක නම් රහසක්.. ) මතක තබා ගත යුතුම කරුන නම් පැණි පත් පැණි වෙන්න කලින් ගත යුතුයි..
දැන් බොත්තම් කාසයක් මසා ගත් රෙදි කෑල්ලක් ගෙන මිශ්‍රනයෙන් ටිකක් දමා පොට්ටනියක් වගේ සකසා ගන්න..මම නම් මේ සඳහා භාවිතා කලා ප්ලාස්ටික් සෝස් බෝතලයක්..
තෙල් ලිප තබන්න.. රත් වූ තෙලට රවුම් ආකාරයට මිශ්‍රනය දමා හොඳින් රන් වන් පාට වන තෙක් බැද ගන්න..පසුව තෙල් බේරා ගත් විගසම පැණි මිශ්‍රනයට දමා පොගවා ගන්න...විනාඩි කීපයක් තබා මැටි මුට්ටියකට දමා පත්තර කොලයක් දමා මුට්ටියේ කට බැද අසුරා තබන්න..
* ඔබ පැණි වළලු හදපු ආකාරය නිවැරදි නම් පැණි වළල්ල වටේ පැණි නොතැවරිය යුතුය..පැණි වළල්ල ඇතුලට පැණි හොඳින් උරා ගෙන තිබිය යුතුය....
*උදු මිශ්‍රනයේ පදම නිවැරදි නම් හැන්දෙන් එස වූ විට නොවැටිය යුතුය..
*ඒ වගේම පැණි මිශ්‍රනය හැම වෙලේම ඇඟිල්ල ගහන්න පුළුවන් රස්නෙන් තබා ගත යුතුමයි...
*උදු වළලු වලට පැණි හොඳීන් උරා ගන්න නම් දෙකම රස්නෙන් තිබිය යුතුයි
*1.) මිශ්‍රනයට පිපෙන්න කිසිම දෙයක් දාන්න ඕනි නෑ..පොල් මිරිකනකොට පොල් වතුර ටිකක් දාන්න.. එච්චරයි....පිටි මිශ්‍රනය හොඳින් වසා උණුසුම් තැනක තබන්න..එවිට හොඳින් පිපේවි... උණුසුම් කාලගුණයක් ඇති දවසක නම් මිශ්‍රනය හොඳින් පිපේවි...
2.) සීනි වලින් පැණි සාදා භාවිතා කලාට කමක් නෑ..හැබැයි සීනි පත් පැණි ගානට උණු කරන්න එපා..ඊට කලින් සීනි මිශ්‍රනය ලිපෙන් බා ගන්න..පත් පැණි පදම කියන්නේ හැන්ඳෙන් ඉහළට එස වු විට කෙලින් ඝනකම ඉරක් වගේ වැක්කෙරෙන පදම, නැත්තම් වතුර පීරිසියකට සීනි මිශ්‍රනයෙන් බිංදුවක් දැම්මාම දිය වෙන්නේ නැති පදම, වතුරට මිශ්‍ර වෙනවා නම් සීනි මිශ්‍රනය පත් පැණි වෙලා නෑ..අන්න ඒ පදම තමයි (පත් පැණි වෙලා නැති පදම ) පැණි වළලු සදහා යොදා ගන්නේ...
*හාල් කොප්ප 2යි ගන්නේ...එකෙන් 2,3 පාරක් හොඳට හලා ගත්ත හාල් පිටි කෝප්ප 1ක් ගන්න.. තව හාල් පිටි ඉතිරි වෙනවා.. එ ටික තියා ගන්න..බැරි වෙලාවත් අත්වැරදීමකින් වත් මිශ්‍රනයේ තෙත ගතිය වැඩි උනොත් තව හාල් පිටි ටිකක් දා ගන්න.. මතක තියා ගන්න ඕනී වැඩිය හාල් පිටි දාන්න එපා..එහෙම උනොත් පැණි වළලු තද වෙනවා...හැම වෙලේම උඳු වලට වඩා අඩුවෙන් හාල් පිටි ගන්න ඕනි...මිශ්‍රනය හැමවෙලේම හැන්ඳෙන් එස වූ විට වැටෙන් නැති පදම ගත් යුතුමයි..